ලෝක විනාසේ ගැන ඇත්ත කතාව.

Image

විව්ධ වූ ආගම් දර්ශනයන් විශ්වාස කරන සහ පිළිපදින අප රටතුළත් ඉන්නවා.ඉතින් මුලු ලෝකයේ හැමෝගෙම කථා බහට ලක් වුණු 2012.12.21 දින එනම් අද වැනි දිනක සිදුවෙතැයි පවසන පෘථිවියේ අවසානය පිළිබදව හා ඒට සම්බන්ධව අප රටේ සිදු වුනා යැයි පැවසුන සිදුවීම් පිළිබදව කථා බහට ලක් කළ අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවි ආශ්‍රයෙන් සහ පුවත් පත් ආශ්‍රයෙන් පළවූ ලිපි ආශ්‍රිතව කල විමසීමකි

ලෝක විනාසයක් ගැන මුලින්ම පෘථිවි වැසියන්ගේ අවධානය ලක් වුනේ මායාවරුන්ගේ කැලැන්ඩරයක් පිළිබදවයි.එහි  2012.දෙසැම්බර් 21 වෙනි දිනෙන් පසු දිනයක් සදහන් නොවීම නිසා එදිනෙන් පසු ලෝකය තව දුරටත් පවතින්නේ නැති බවට විශ්වාසයක් ගොඩ නැගීමයි.

කෙසේවුවද මෙතෙක් කල් අසන්නට නොලැබුණු පුවත් රාශියක් මේ දිනවල ලංකාවෙන් අසන්නට ලැබෙනවා.

1. අද්භූත එළි දර්ශනය වීම්
2. උල්කාපත වැටීම්
3. රතු, කහ, ජෙලි වර්ෂා
4. බල්ලන් සිය ගනනින් මියයාම
5. අම්පාරේ නොකඩවා භූ කම්පන
6. මුහුදු නයි මතුවීම
7. දකුණින් ඉර පෑයීම
8. ජල උල්පත් රතුපාට වීම යන ඒවා ඒ අතරින් ප්‍රධානවේ.

අද්භූත එළි දර්ශනය වීම්

පසුගිය සති 3ක කාලය පුරාවට අද්භූත එළි 17ක් පමණ දර්ශනය වුණා.
පිලිබඳව ජායාරූප හා වීඩියෝ දර්ශන සහ මේ පිළිබඳව මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් පවසන හේතුත් සහිතව මීට පෙර ලිපියකිනුත් අප එවැනි සිදුවීම් පිළිබදව ලිපියක් පල කලා. ඒ පිළිබදව මෙතනින්

තාරකා විද්‍යාඥයෙකු බව කියාගන්නා විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකු වන අනුර සී පෙරෙරා මහතා පසුගියදා ඒ පිළිබඳව පැවසුවේ මෙවැන්නක්.
Image
“අහසෙන් එක කිසිම වස්තුවකට රේඩාර් යන්ත්‍ර වලය අහු නොවී පොළොවට එන්න බෑ. ලංකාවට ඉහලින් කිසිම ආකාශ වස්තුවකට එහා මෙහා යන්න බෑ ඒක වැටෙනවා අපේ ගුවන් හමුදාවේ රේඩාර් පද්ධතියට. 
ඉතින් මේවා උඩින් ආව දේවල් නෙවෙයි. මේවා අපේ පොළොව මතුපිට ඉඳන් කවුරු හරි අහසට යැවූ වායු බැලුන්.මම නම් හිතන්නේ නෑ කීයටවත් පිටසක්වල ජීවීන් එහෙම වැඩක් කරයි කියලා. නියම ජීවීන් ආවොත්, ඒ කියන්නේ දියුණු කොට්ඨාශයන්නේ එන්නේ ඒ අය අපිත් එක්ක සම්බන්ධ කම් ඇතිකරගනී.”
එම වීඩියෝව පහතින්.

මේ අතර විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන මහතා විසින් පිටසක්වල ජීවින් පිළිබදව පුවත්පතකට මෙලෙසින් පවසා තිබුනා.
”අපේ ග්‍රහලෝකයෙන් එහා විශ්වයේ වෙනත් ග්‍රහලෝකයක ජීවයක් තියෙන්න පුළුවන් කියලා විද්‍යාඥයින් පිළිගන්නවා. නමුත් තිරසාර සාක්ෂියක් මේ වනතුරු හමුවෙලා නැහැ. එවැනි ජීවින්ගෙන් එන රේඩියෝ පණිවිඩයක්වත්, නැත්නම් එම ජීවීන් යවන යානාවක් වත්, වෙනත් කිසිම ආකරයේ පිටසක්වල ජීවයක් පවතීය යන සංඥාවක්, ඉඟියක් තාම විද්‍යාවට හසුවෙලා නැහැ.එළි දැකීමයි පිටසක්වල ජීවීන්ගෙයි අතර සම්බන්ධතාවයක් තාම කවුරුත් එළි කරලා නැහැ. ඒවා හුදෙක් තමන් හිතෙන් මවාගත්තු අදහස් පමණයි. එළි දැක්කා කියන එක ගවේශනය කරලා එළි මොනවද කියලා හොයාගන ගියොත් ඒකට හේතුව අග මුල පොළවෙන්ම හොයාගන්න පුළුවන් වෙයි. නමුත් පිටසක්වල ජීවීන් ඒකට ඈඳාගන්න බෑ.Arthur C Clark

ලංකාවේ මිනිසුන්ට දවල් කාලයෙයි, රාත්‍රී කාලයේයි අහස ගැන පැහැදිළි අවබෝධයක් නැහැ. අහසේ යන ගුවන්යානා වලට අමතරව චලනය වන තව බොහෝ දේවල් තියෙන්න පුළුවන්. ඒවායින් සමහරක් දේවල් ස්වාභාවික, සමහර දේවල් මිනිසා විසින් නිර්මාණය කරපු දේවල් වෙන්න පුලුවන්.

එවැනි දේවල් දැකල නැති පුරුදු නැති අය අසාමාන්‍ය දෙයක් දැකපුවහම කලබල වෙනවා. ඒක අද්භූත බව ප්‍රකාශ කරනවා. පිටසක්වල ජීවීන් එනවා නම් කැලෑ වලටවත්, අහුමුලු වලටත් හැංගි හොරා එන්නේ නැහැ. එනවා නම් ඔවුන් ගෝල්ෆේස් එකට වගේ ප්‍රසිද්ධ තැනකට එන්නේ. අනික තමා ඔවුන් එනවා නම් ඔවුන්ගේ පැමිණිම පිළිබඳව රේඩාර් හා ගගන තාක්ෂණ වලින් සැනෙකින් සොයාගන්න පුළුවන්. හැංගි හැංගි ජනශූන්‍ය ප්‍රදේශ වලට එනවා කියන එකේ කිසිසේත්ම සත්‍යයක් නැහැ. 

පොලොන්නරුවේ බල්ලන් 300ක් පමණ හදිසියේ මියයාම

die dogs

පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ පසුගිය දින කිහිපය තුළ සුනඛයින් 300 කට අධික සංඛ්‍යාවක් හදිසියේ මියගොස් ඇතැයි දිස්ති‍්‍රක් ලේකම් නිමල් අබේසිරි මහතා ප‍්‍රකාශකළේය.දිගාමඩුල්ල ප‍්‍රදේශයේ වැඩි වශයෙන් සුනඛයින් මෙලෙස මියගොස් ඇති බවට තමන්ට වාර්තා වී ඇති බව දිස්ති‍්‍රක් ලේකම්වරයා කියා සිටියේය.පොලොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ 18 පැවති දිස්ති‍්‍රක් ආපදා මෙහෙයුම් කමිටු රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් සාකච්ජා වී ඇත.එහිදී පොලොන්නරුව දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශ කර ඇත්තේ, මෙය සුළු සිදුවීමක් බවයි.කෙසේ වෙතත්, අප මේ සම්බන්ධයෙන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.කේ. ද සිල්වා මහතා පවසන්නේ,සුනඛයින්ට වැළඳෙන ඩිස්සෙම්පර් නැමැති වෛරසයක් නිසා මෙම සුනඛයින් මියගොස් ඇති බවයි.

දකුණින් ඉර පෑයීම

sun sl

කැස්බෑව බටුවන්දර ප්‍රදේශයට දකුණුන් ඉර පෑයූ බවත්, ගල්ගමුව ප්‍රදේශයය ගිණිකොන දෙසින් ඉර පෑයූ බවත් පසුගියදා 15 වෙනිදා මාධ්‍ය වාර්තා සදහන් කළා.
නමුත් මාලිමාව ඉහලට අල්ලා ගත් මෙවැනි ජායාරූප වලින් එලෙස පැවසිය නොහැකි බව ඒ පිළිබදව දැන උගතුන් පවසනවා.
සූර්යයා දිස්වන දිශාවට වම, දකුණ, උඩ, පහළින් මාලිමාව අල්ලන ස්ථානය අනුව එම ඉර තිබෙන දිශාව වෙනස්වේ. නිවැරදි ක්‍රමය වන්නේ මාලිමාවක් ඉහලට අල්ලා ජායාරූප ගැනීම නොව යම් සෙවනැල්ලක් පොළොව මත තැබූ මාලිමාව උඩින් වැටෙන ලෙස ජායාරූප ගැනීමයි.
අනෙක් කරුණ නම් අවුරුද්දේ මාස 12 තුල සූර්යය එකම කෝණයකින් උදාවන්නේද නැත. එය අංශක ගණනකින් මාසය අනුව වෙනස්වේ. එය ස්වහාවික සංසිද්ධියකි. චන්දන ජයරත්න විසින් මේ පිළිබඳව පවසා තිබුනේ මාක්ස්ටීරියා රෝගය නිසා මෙවැනිදෑ පෙනෙන්නට පුලුවන් බවයි.

ඒම සිදුවීම පිළිබඳ වීඩියෝවක් පහතින්.

රතු වැස්ස

පසුගිය කාලයේ ලංකාවේ ප්‍රදේශ ගනනාවකින් රතු වැසි ඇදහැලීමක් වාර්තා වුණා. රතු වැස්ස ඇද හඇලුණු ප්‍රදේශ පිළිබද සහ එම සිදු වීම වුනු දිනයන් පහත දක්වා ඇත

සෙවනගල, ඉදිකොළපැලැස්ස (දෙසැම්බර් 12)
සෙවනගල, මොණරාගල (නොවැම්බර් 15)
පොළොන්නරුව, මනම්පිටිය (දෙසැම්බර් 15)
අම්පාර, පදියතලාව (දෙසැම්බර් 15)
ගාල්ල, වඳුරඹ (දෙසැම්බර් 17)
අම්බලන්ගොඩ, අලුත්වල (දෙසැම්බර් 18)
වැල්ලවාය, හඳපානාගල (නොවැම්බර් 20)

Red-Rain

රතු වැස්සට හේතුව කිසියම් ඇල්ගී විශේෂයක් බවත් එම ඇල්ගී විශේෂය පෘථිවියෙන් හමු නොවන බවත් එබැවින් නිසා රතු වැස්ස පිටසක්වල බලපෑමක් විය හැකි බවටද අදහස් පළ වනවා.

කහ වැස්ස
දෙසැම්බර් 18  රාත්‍රියේ වලල්ලාවිට ඉත්තපාන මිරිස්වත්ත ප්‍රදේශයට ඇද හැළළුනු වර්ෂාවේ ජලය කහ පහැයෙන් යුක්ත‍යැයි ප්‍රදේශවාසීන් කියනවා.ඉත්තපාන මාලඹේ මිරිස්වත්ත රාජ්‍ය වතුයායේ දෛනික ජල පරික්ෂණ මාපකයේ සවිකර ඇති භාජනයේ පිරි ඇති ජලය කහ පාටින් යුතුව තිබෙනවා

yellow

ජෙලි වැස්ස
බුලත්සිංහල ගෝවින්න විලපහල ප‍්‍රදේශයේ කුඹුරු යායකට දෙසැම්බර් 17 පස්වරුවේ සුදු පැහැති ජෙලි වැනි ද්‍රව්‍යයක් අහසින් ඇද වැටී තිබෙන අතර මේ හේතුවෙන් ගෝවින්න ප‍්‍රදේශවාසීන් දැඩි විමතියට පත්ව සිටී. ප‍්‍රදේශයේ ස්ථාන තුනකට සුදු පැහැති කැටිති සහිත ද්‍රාවණයක් වැටී ඇති බවයි බුලත්සිංහල පොලීසිය පවසන්නේ.

Red-Rain-2

පුදුම කරවන මෙම සිදුවීම් වලට හේතුන් යැයි විශ්වාස කෙරෙන මත කිහිපයක් මේ වනවිට පවතිනවා.

1.රතු වැස්සට හේතුව කිසියම් ඇල්ගී විශේෂයක් බවත් එම ඇල්ගී විශේෂය පෘථිවියෙන් හමු නොවන බවත් එබැවින් නිසා රතු වැස්ස පිටසක්වල බලපෑමක් විය හැකි බවටද අදහස් පළ වනවා.

2. බටහිර රටවල කෙරෙන රසායනික අවි අත්හදා බැලීම්වල ප‍්‍රතිඵලයක් ලෙස රතු වැස්ස ඇදහැලෙන බවයි. රසායනික අවි සම්මුතිය පිළිබඳ ජාතික අධිකාරිය පවසන්නේ රතු පැහැති ඇල්ගී රතු මුහුදේද වැඩෙන නිසා ඇතැම් විට කුඩා ප‍්‍රමාණයේ මසුන් පවා ඉහළට ඇදී ගොස් වැස්ස සමග ඇද වැටෙන්නා සේ එම ඇල්ගීද ඉහළට ඇදීගොස් වැස්ස සමග ඇදහැලිය හැකි බවයි.
*මීට පෙරද ලෝකය පුරාවටම විවිධ රටවල් වලින් වැස්ස සමඟ මකුළුවන්, පණුවන්, රතුපාට ජලය, ජෙලි, විවිධ වර්ණයෙන් යුත් හිම, මාලු, කුඩා පක්ෂීන්, මස්, වැනි විවිධ වූ දේවල් අහසින් පතිත වී තිබෙනවා.

ඒ පිළිබදව සටහන් වූ වාර්තාවක් මෙතනින්

උල්කාපාත වැටීම්

ලංකාවේ ප්‍රදේශ 4කට උල්කා වැටී තිබෙනවා. පොළොන්නරුවේ ඕනෑගම ගොවි ජනපදයේ නිවෙසක් අසළට 18 පෙරවරු 10 ට පමණ උල්කාෂ්මයක් කඩාවැටී තිබෙනවා.කහපාට ගිනි බෝලයක් සේ පැමිණි මෙම උල්කාෂ්මය පිපිරීමෙන් විශාල බුරුත ගසක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙන බවත් පිපිරීම සිදුවීමත් සමඟ බුරුත ගසේ කොටස් මීටර් 100 ක් පමණ දුරකට කුඩු වී විසිවී ඇති බවත් වාර්තා වෙනවා.

Dimbulagala Ulka-

අම්පාරේ භූ කම්පන
පසුගිය මැයි 26 වැනිදා සිය ගතවූ මාස 4 ක කාලය තුල ලංකාවෙන් වාර්තා වූ භූ කම්පන ගනන 7කි. මහියංගනය, පදියතලාව, කොළඹ, රත්නපුර, යාපනය, අම්පාර, බදුල්ල, මාදුරුඔය ප්‍රදේශ වලින් ඒවා වාර්තා වුණා

bhumikampa ampara
එක්වරම පසුගිය දින කිහිපයකම අම්පාර ප්‍රදේශයේ භූ කම්පන 31ක් පමණ වාර්තා වුණා. එයට හේතුව ලෙස භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය එම්. පී. විජයානන්ද මහතා පවසන්නේ  මෙවැන්නක්.

“මෙම භූ චලනයන් පිළිබඳව අපි දැඩි අවධානයකින් සිටිනවා. ඒ අනුව අපට මෙම භූ චලනයන් සෙනසුරාදා දිනවල වැඩි වශයෙන්ම සිදුවන බව පෙනී ගියා. අපි මෙම සෙනසුරාදා දිනයේද භූ චලනයන් ඇති වෙතැයි සිතුවා. ඒ අයුරින්ම පෙරේදා යළිත් භූ චලනයන් සිදුවුණා. දැනට පෙනී ගිය කරුණු අනුව අපට වැටහෙන්නේ ස්‌වාභාවික ක්‍රියාවලියකට වඩා මිනිස් ක්‍රියාවලියන් නිසා මේවා සිදුවන බවයි.”

මුහුදු නයි මතුවීම

snake-sea

17 දා රාත්‍රී මඩකලපු ගංගා මෝය ඔස්‌සේ මුහුදු නයි විශාල සංඛ්‍යාවක් ගොඩබිම දිශාවට පැමිණි බව පුවත් පත් ඇතුලු මාධ්‍ය කිහිපයකින් වාර්තා කලා.
මීට පෙරද එලෙස මෙම ප්‍රදේශ වලින් මුහුදු නයි මතුවී තිබෙන අතර ඒ සෑම අවස්ථාවක්දීම ස්වභාවික ව්‍යසනයන් සිදුවී තිබෙන බවද වාර්තා වෙනවා.2004 වසරේ දෙසැම්බර් සුනාමි ඛේදවාචකයට පෙර මඩකපුව දිස්ත‍්‍රික්කයේ මුහුදු බඩ කලපු හා ජලාශවල හදිසියේම සිය දහස් ගණනින් දකින්නට ලැබුණ සර්ප විශේෂයක් මතුවී තිබුණා. මඩකලපුව කින්නියා හා කල්අඩි පාලම ප‍්‍රදේශයේ කලපුව හා ගංගා ඔයවල්හි සුනාමි ඛේදවාචකය සිදුවීම ආසන්නයේ මතුවූ සුදු පැහැති එම සර්පයන් දිගින් අඩි එකහමාරක් පමණ වුනා.2010 වසරේද දෙසැම්බර් මාසයේ මසුන් වැඩිපුර මතුවන බවට වූ ප‍්‍රචාරයත් සමග ප‍්‍රදේශයේ ජනතාව රාත‍්‍රියේ ඉහතකී ප‍්‍රදේශවල ජලයේ කළ පරීක්‍ෂණවලදී මසුන් වෙනුවට මෙම සර්ප විශේෂය මතුවූ බව වාර්තා වී තිබුණා. මඩකපුව කල්ලඩි පාලම පිහිටි ප‍්‍රදේශය මඩකලපු ප‍්‍රදේශය කට්ටයාඩුම් පලම පිහිටි ජලාශයේ මෙම සර්ප විශේෂය දහස් ගණනින් සිටි අතර එම ප්‍රදේශයේ ගංවතුර අනතුරු රැසක් එම කාලයේ සිදුවුන බවත් සදහන්.

දෙසැම්බර් 29දා සිදුවන භූමිකම්පාවක් පිළිබද ශ්‍රී ලා0කික විද්‍යාඥගෙන් අනාවැකියක්

Lalith

ලබන 29 දා කුමන හෝ මොහොතක ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට බලපාන මධ්‍යම ප්‍රමාණයේ භූමිකම්පාවක් ඇතිවිය හැකි බවත් එම භූමිකම්පාව මඟින් ප්‍රදේශ ගණනාවකට විපත් පැමිණිය හැකි බවත් ලලිත් විජයවර්ධන මහතා පවසනවා

2004 වසරේ ශ්‍රී ලංකාවට බලපෑ සුනාමිය හා ඉන්දියාවේ භූමිකම්පා දෙකක් පිළිබඳ කලින් අනාවැකි පළ කළ ලෝකයේ පළමු විද්‍යාඥයා වන්නේ ද ඔහු බවයි පැවසෙන්නේ.

දෙසැම්බර් 29 වනදා භූමිකම්පාව පිළිබඳ ස්ථිර වශයෙන් ම ලලිත් මහතා කරුණු දක්වන්නේ මධ්යම කඳුකරයේ ප්‍රදේශ කිහිපයක පස් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. ලෝකයේ ඕනෑම පළාතක ඇති කඳුවල පස් පරීක්ෂාවට ලක් කිරීමෙන් භූමිකම්පා පිළිබඳ අනාවැකි පළ කිරීමට තමන්ට හැකි බවත් ඒ පිළිබඳ තාක්ෂණය තමා සතු බවත් ඔහු පවසනවා.

මීට කලින් වැඩිපුර භූකම්පන ජපානය ආශ්‍රිත රටවල්වලට වුවත් නව භුකම්පන කලාපය ඉන්දියාව, ලංකාව, ඉන්දුනිසියාව හරහා වැටෙන බවද මොහු 2001 වසරේ ජනමාධ්‍යයෙන් ජනතාව දැනුවත් කර ඇති බව සාක්ෂි සහිතව පුවත්පත් උපුටා දක්වමින් පෙන්වා දෙයි.

මෙයට කලින් ඉන්දියාවේ ගුජරාටි, ප්‍රාන්තයට හා අහමදාබාද් ප්‍රාන්තයට සිදුවු භූකම්පා දෙක පිළිබඳ කලින් අනාවැකි මෙම විද්‍යාඥයා විසින් පළ කළ බවටද පුවත්පත්වලින් සාක්කි උපුටා දක්වමින් සනාථ කරයි.

පෘථිවියට 2019 වසරේ ගලක් පතිත වනබවට 2001 වසරේදී මොහු විසින් අනාවැකි පලකර ඇති අතර මේ වනවිට එම ගල් කැබැල්ල විනාශ කිරීම සඳහා අමෙරිකාවේ විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිබ බවද දිනමිණ පුවත්පත ප්‍රකාශ කරයි.dinamina

මෙම ලෝක විනාශය පිළිබඳ මතය සබන් බුබුලක්‌ වැනි මිත්‍යාවක්‌  –  මහාචාර්ය චන්දන ජයරත්න මහතා

Chandana Jayarathna

මෙරට වේලාවෙන් අද (21) පස්‌වරු 4.41 ට සිදුවෙතැයි පැවසෙන ලෝක විනාශයක්‌ පිළිබඳව කිසිදු විද්‍යාත්මක සාක්‍ෂියක්‌ නොමැති බවත්, ඒ පිළිබඳ කිසිදු බියක්‌ හෝ සැකයක්‌ ඇති කර නොගන්නා ලෙසත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ජනතාවට අවධාරණය කර සිටී.මේ පිළිබඳ මාධ්‍ය මගින් නිරන්තරයෙන් ප්‍රචාරය වීම නිසා කොස්‌මොෆොභියා (විශ්ව භීතිකාව) නමැති රෝගය ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවත් ඔහු සදහන් කරනවා.

නාසා ආයතනය, ලොව පුරා සිටින විද්‍යාඥයන් සහ ඇමරිකානු රජය ඒ පිළිබඳව විද්‍යාත්මකව තහවුරු කර ඇති බවත්, මායාවරුන්ගේ වත්මන් නායකයා ද එවැනි විනාශයක්‌ සිදු නොවන බව අවධාරණය කර ඇති බවත් චන්දන ජයරත්න මහතා පැවසීය.
එහෙයින් මෙම ලෝක විනාශය පිළිබඳ මතය සබන් බුබුලක්‌ වැනි මිත්‍යාවක්‌ බවද හෙතෙම පැවසීය.
අන්තර්ජාලයෙන් වෙනත් ක්‍රම මගින් ප්‍රචාරය වන කරුණු විචාරයකින් තොරව වැළඳ ගැනීම ලෝක විනාශයටත් වඩා හානියක්‌ බව සඳහන් කළ මහාචාර්ය චන්දන ජයරත්න මහතා, නවීන තාක්‍ෂණය දියුණු වනවා සේම එය භාවිත කරන මිනිසුන් ද දියුණු විය යුතු බවද පැවසීය.

ලෝක විනාශයක්‌ සිදුවිය හැක්‌කේ විශාල ග්‍රහයක්‌ වැදීමෙන් හෝ තෙවැනි ලෝක යුද්ධයකදී භාවිතා විය හැකි න්‍යෂ්ඨික බෝම්බවලින් හෝ තවත් වසර මිලියන හාරදහස්‌ පන්සියයකින් පසුව සූර්යයාගේ හයිඩ්‍රජන් වායුව අවසන් වී සූර්යයා පෘථිවියේ කක්‍ෂය තෙක්‌ විශාල වීමෙන් සිදුවන ගිනිදැල් විහිදුමකින් බව සඳහන් කළ හෙතෙම මෙම අවස්‌ථාව වනවිට එවැනි කිසිදු අවධාදානමකට පෘථිවිය නතුවී නොමැති බවත් ඔහු සදහන් කරනවා.

ඉතින් තවදුරටත් සිතා ගත හැකි කාරණාව නම් ඉතා වේගයෙන් පැතිර යන මෙම මිථ්‍යා මත පිළිබදව කලබල නොවී, තමන්ගේ උපරිමයෙන් අනුන්ට පිහිට වෙමින් ජීවත්ව ඉන්නා කාලය තුළ  යහපත් ලෙස තම ජීවිතය ගත කිරීමට උත්සහ කිරීමයි.නැතහොත් කවුරුන් හෝ අප පෘථිවිය විනාශ කිරීමට ප්‍රථම අප විසින්ම අපගේ පෘථිවිය විනශ කර ගැනීමයි.අයුක්තිය,අසාධාරණයට එරෙහිව හඩ නගන්නටත්, ස්වභාවික පරිසරය රැක ගැනිමටත් යහපත් සිතුවිළි තුළ ජීවත් වෙමින් යහපත් ජීවිතයක් ගත කිරීමට අප අද ඉදන්ම සිතා ගෙන ක්‍රියාත්මක වෙමු.

help-other

(මූලාශ්‍ර ලබා ගත්තේ : ගොසිප් 9 වෙබ් අඩවිය සහ ෆේස්බුක් වෙබ් අඩවිය, ජාතික පුවත්පත් )B copy

Advertisements

One thought on “ලෝක විනාසේ ගැන ඇත්ත කතාව.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s