රජරට වකුගඩු රෝගය මධ්‍යම පළාතටත්.

Image
රජයට ප‍්‍රදේශයේ ව්‍යාප්තව ඇති වකුගඩු රෝගය මේ වන විට මධ්‍යම පළාත තුළ ද සීග‍්‍රයෙන් පැතිරයමින් පවතින බවට වාර්තා පළ වනවා.

මහනුවර සහ මාතලේ දිස්ත‍්‍රික්කවල පුද්ගලයින් 2500 දෙනෙකු පමණ මෙම රෝගයට ගොදුරු වී ඇති බවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශ පවසන්නේ.
වකුගඩු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ ගලේවෙල, රත්තොට, හදුන්ගමුව, කෝන්ගහවෙල, විල්ගමුව සහ කණ්ඩලම යන ප‍්‍රදේශවලින් බවද සදහන්. 
එක්සත් ජාතික පක්‍ෂය කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පී හැරිසන් මහතා සදහන් කළේ යුද්ධයෙන් අනතුරුව උතුරුමැද පළාත තුළ වකුගඩු රෝගය හේතුවෙන් ජනජීවිත රැසක් අහිමීවී ඇති බවයි.
ආණ්ඩුව විසින් බාල පොහොර මෙරටට ආනයනය කිරීම මෙම තත්ත්වයට හේතුව බවද ඔහු කියා සිටියා.


මෙම තත්ත්වය පිළිබද අනුගමනය කරන ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලක් එෆ් එම් ප‍්‍රවෘත්ති අංශය ලග්ගල ආසන  සංවිධායක මාතලේ දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගෙන් විමසීමක් කළා.

එහිදී ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසුවේ අදාල ගැටලූවට විසදුමක් වශයෙන් වකුගඩු රෝගය පවතින ප‍්‍රදේශවල ඇති රෝහල් සදහා රජය විසින් අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි.
පවතින මෙම අවධානම් තත්ත්වයෙන් ජනතාව මුදවා ගන්නේ කෙසේද යන්න පිළිබදව ලක් එෆ් එම් ප‍්‍රවෘත්ති අංශය මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ශාන්ති සමරසිංහ මහත්මියගෙන් ද විමසීමක් කළා.
එහිදී සෞඛ්‍ය අධ්‍යක්‍ෂකවරිය සදහන් කළේ ඒ වෙනුවෙන් මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් රෝගයට ගොදුරු වූ ප‍්‍රදේශවල විශේෂ වෛද්‍ය සායන පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
අදාල සායන හරහා හදුනා ගන්නා රෝගීන් වැඩිදුර ප‍්‍රතිකාර සදහා මහනුවර රෝහලට යොමු කරන බවද ඇය සදහන් කළා.
මේ අතර රජරට ප‍්‍රදේශයට බලපෑ එම තත්ත්වය හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව ඉකුත් 15 වනදා එළි දැක්වුවා.
විද්වත් කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශවලට අනුව සදහන්ව ඇත්තේ රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය අවම කළ යුතු බවයි.
Image

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s