අප්‍රිකානු සාහිත්‍යයේ පියා, “චිනුආ අචෙබේ” සමුගනී..!! – Chinua Achebe

Image
1930 වසරේ නොවැම්බර් මස 16 වැනි දින නයිජීරියාවේ ඔගිඩිහිදී උපන් චුනු ආ අචෙබෙ මහතා “නූතන අපි‍්‍රකානු සාහිත්‍යයේ පියා” ලෙස සැලකෙනවා.
නයිජීරියානු ලේඛකයකු සහ කවියකු ලෙස ලෝකප්‍රකටව සිටි ඔහු මිය යන තෙක් ඇමරිකාවේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ අප්‍රිකානු අධ්‍යන පිළිබඳ මහාචාර්යවරයා ලෙස සේවය කළේ ය.
මියැදෙන විට 82 වැනි වියේ පසුවූ අචෙබේ මිය ගොස් ඇත්තේ, ඇමරිකාවේ බොස්ටන්හි පිහිටි රෝහලකදී ය.
b11958 වසරේදී තිංග්ස් ෆෝල් අපාර්ට් නැමැති නවකතාව රචනා කරමින් ඔහු සාහිත්‍ය ක්ෂේත්‍රයට එක් විය.
b3,b4,b2
ඊට අමතරව ඔහු නෝ ලෝංගර් ඇට් ඊස්, ඇරෝ ඔෆ් ගෝඩ්, අ මෑන් ඔෆ් ද පීපල් යනුවෙන් නවකතා රැසක් රචනා කළේ ය.
ඔහුගේ ‘නෝ ලෝංගර් ඇට් ඊස්’ නවකතාව සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ මහතා විසින්, ”හිරු බැස ගිය පසු” නමින් පරිවර්තනය කර සතිපතා ‘ඉරිදා දිවයින සංග්‍රහයේ’ පළවිය .
අනතුරුව එය ග්‍රන්ථයක් ලෙසද ප්‍රකාශයට පත්විය.
අනතුරුව චිනුආ අචෙබේ ගේ ‘තිංග්ස් ෆෝල් අපාර්ට්’ සහ ‘ඇරෝ ඔෆ් ගෝඩ්’ යන නවකතා ද සිංහල බසට පරිවර්තනය විය.
Imageචිනුආ අචෙබේ සිය නවකතා ඉංග්‍රීසි බසින් රචනා කළ අතර එම නවකතා මගින් අප්‍රිකානු ජන ජීවිතයේ සහ ජන සාහිත්‍යයේ අනන්‍යතාව බෙහෙවින් පිළිඹිබු වී තිබේ.
බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනය හා සාම්ප‍්‍රදායික ඉග්බෝ සංස්කෘතිය අතර ඇති ගැටුම නිරූපනය කරන ‘‘තිංග්ස් ෆොල් අපාර්ට්’’ නමැති ජාත්‍යන්තර කීර්තියක් අත්කර ගත් කෘතිය අචේබේගේ සාහිත්‍ය නිර්මාණයකි.

b11958 දී රචිත එම කෘතියේ පිටපත් මිලියන 10ක් අලෙවි වූ අතර භාෂා 50කට පරිවර්තනය වී ඇත.
1930 දී ගිනිකොනදිග නයිජීරියාවේ ඔගිඩි පළාතේ උපන් අචේබේ හැදී වැඩුණේ බි‍්‍රතාන්‍ය යටත්විජිත සමයේදීය.
නයිජීරියාවේ දේශපාලනය දැඩි ලෙස විවේචනය කළ සාහිත්‍යධරයකු ලෙස ද අචෙබේ ප‍්‍රකටය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s