සාහිත්‍ය මාසයෙන් වැඩ ගන්නවද..?

Imageසෑම වසරකම සැප්තැම්බරය සැලකෙන්නේ ‘සාහිත්‍ය මාසය’ ලෙසටයි.
සාහිත්‍යය හා ඍජුව සම්බන්ධ වූ විවිධ කි‍්‍රයාකාරකම් රැසක් සිදු කෙරෙන මාසයක් වන සැප්තැම්බරය මේ නිසාම ප‍්‍රකාශක, ලේඛක, පාඨක, රසික, කාගේත් අවධානයට ලක්වූ කාලපරිච්ඡේදයක් බවට පත්ව තිබෙනවා.
රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයද මේ කටයුතු සඳහා වෙහෙස මහන්සි වී මෙහෙයවීමේ දී දක්වන උනන්දුවප්‍රශංශනීයයි.
රාජ්‍ය සාහිත්‍ය උළෙල, විද්‍යෝදය සම්මාන උළෙල, ගොඩගේ සම්මාන ප‍්‍රදානය, ස්වර්ණ පුස්තක සම්මාන උළෙල,
කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ආදී විවිධාංග සාහිත්‍ය මාසයේ කි‍්‍රයාකාරකම් අතර කැපී පෙනේ.
මේ සාහිත්‍යය මාසය නිසා ලංකාවෙත් විවිධ වැඩසටහන් දක්නට ලැබෙනවා.
Image
“කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” මේ වැඩසටහන් වලින් ප්‍රධානම එකක් කියල කියන්න පුළුවන්.
“කියවීම මිනිසා සම්පුර්ණ කරයි” කියන කියමන බාලාංශ කාලේ සිටම අපිට අහන්න ලැබෙන කියමනක්නෙ. මෑත කාලයේදී අපිට ගොඩක් දකින්න ලැබුණු දෙයක් තමයි අපේ අලුත් පරම්පරාව පරිගණකය තුරුල් කරගෙන පත පොත ඉවත දන එක.
ඉස්සර කියවපු “ෂර්ලොක් හෝම්ස්” වගේ රහස් පරීක්ෂක කතා වලට අදටත් අපි ආසයි.
කියවීම මගින් මිනිස්සුන්ට ලැබෙන දැනුම සහ ආකල්පමය දියුණුව වචනයෙන් කියන්න බැහැ.
කියවීමට ලංකාවේ පාසල් වලින් සහ දෙමවුපියන්ගෙනුත් ලැබෙන අනුග්‍රහය ගැනත් මෙතැනදී පොඩි ගැටළුවක් තියෙනවා.
අනිත් දේ තමයි ලංකාවේ මෑත කාලයේ ඉන්න බොහොමයක් පොත් ප්‍රකාෂකයන්ගේනුත් සැබෑ නිර්මාණ කරුවෙකුට ලැබෙන අනුග්‍රහය බොහොම අඩුයි. පාඨකයන්ට හොද දෙයක් දෙනවට වඩා ඒ ගොල්ලන්ගේ අරමුණ විකුනන්න පුළුවන් වෙළඳ භාණ්ඩ පොත් රාක්ක වල පිරවීම.
මේකෙන් හොද නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන් නිර්මාණ කරුවොත් අධෛර්යයමත් වෙනවා. කොටින්ම කියනවනම් හොද නිර්මාණ කාරයෙක්ට ලංකාවේ ඒක වෘතියක් වශයෙන් කරන්න බැහැ. හේතුව තමයි හොද නිර්මාණ කාරයොන්ට අනුග්‍රාහකයෝ නැහැ.
එහෙම වුනහම නිර්මාණ කාරයා දස අතේ නය වෙලා තමයි තමුන් ලියපු පොත ගහ ගන්න ඕන. පොත ගැහුවට පස්සේ පොත් ටිකත් එල්ලගෙන බස් එකේ රට වටේ යන්න ඕන පොත් ටික විකුණ ගන්න.
මේක කොයි තරම් ප්‍රායෝගිකද කියලා ඔයගොල්ලන්ම හිතල බලන්න.
ඉතින් පොඩ්ඩක් හිතන්න.
Image
ලංකාවේ සාහිත්‍යයට තියෙන ඉල්ලුම, පිපාසය හැම අවුරුදේම සැප්තැම්බර් වලට විතරක් සීමා කරන්නේ නැතුව මුළු ජීවිත කාලයටම පවත්වාගන්න පුළුවන් නම් මීට වඩා ගොඩක් ලස්සන ලංකාවක් ඉදිරියට අපිට දැක ගන්න ලැබෙයි.
පාඨක සමාජය එන්න එන්නම දුප්පත්නම් මාසයක් නොවෙයි, අවුරුද්දම සාහිත්‍යයට වෙන් කළත් වැඩක් වෙන්නේ නෑ. රැල්ලට යන පාඨක සමාජයකින් අපේක්‍ෂිත අරමුණු ඉටු වන්නේ නෑ. එබැවින් යහපත් පාඨක ලෝකයක් බිහි කිරීමට පදනම දැමිය යුතු කාලය ඇවිත්.

පහතින් දැක්වෙන්නේ මේ මාසයේදි එළිදැක්වුනු විවිධ පොත් කිහිපයක්.
Image 933908_685123728169012_1096649089_n

 

(අන්තර්ජාලය ඇසුරෙනි)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s