face book නිසා මව සොයා ගත් දුවක්..!!

Image
තමා බිහි කළ සැබෑ මව face book සමාජ වෙබ් අඩවිය ආධාරයෙන් දවස් එකහමාරක් ඇතුළත සොයා ගත් ඉන්දියානු කාන්තාවක් පිළිබඳ වාර්තා වෙනවා.
29 හැවිරිදි එළිසබෙත් ගේල් බෝයිස් නැමැති ඇයව සියඵ දෙනා හඳුනන්නේ බෙට්සි යන සුරතල් නාමයෙන්.
කුඩා කාලයේ සිට ඇය හදා වඩා ගෙන ඇත්තේ විශ‍්‍රාමික ගුරුවරියක හා ඇයගේ ස්වාමිපුරුෂයා විසින් බවත්,
ඔවුන් ඇය අරන් හදා ගත් බව බෙට්සි දැනගෙන සිටියාය.
එහෙත් තම සැබෑ මව සොයා ගැනීමට ඇයට අවශ්‍ය විය.
මේ සඳහා ඇය හදා වඩා ගත් පියා ජිම් බෝයිස් ඇය ධෛර්යමත් කර උදව් කළේය.
“face book වෙබ් අඩවියෙන් ” යම් කිසි හෝඩුවාවක් ලබා ගත හැකි බව අනුමාන කළ බෙට්සි,
බෙට්සිගේ ජෛව සංචාරය”  පිටුවක් ආරම්භ කර ‘මම 29 හැවිරිදි එළිසබෙත් ගේල් බෝයිස්ය.
මම 1984 මැයි 29 වන දින ඇමෙරිකාවේ ඉන්දියානාහි ශාන්ත ෆ‍්‍රැන්සිස් රෝහලේ උපත ලැබීය. මා බිහි කළ මගේ මව මම සොයමින් සිටියි. එයට උදව් කරන්න’
ඇයගේ කුඩා කළ ඡායාරූපද එම පිටුවට එක් කර තම සැබෑ මව සොයා ගැනීමට උත්සහ කරන ලදී.
ඇයගේ උත්සහය සඵල කරමින් දින එකහමාරක් ඇතුළත ඇගේ සැබෑ සහෝදරයාගෙන්, නැන්දාගෙන් සහ ඥාති සහෝදරයකුගෙන් පණිවිඩ ලැබුණි.
ඒ අනුව දුරකථනයෙන් කතා කොට දිනයක් යොදා ඇය තම සහෝදරයා සහ අනෙකුත් ඥාතීන් මුණ ගැසුණාය. Image
ඔවුන් පෙන්වූ බෙට්සිගේ කුඩා කළ ඡායාරූප මගින් ඇය ඔවුන් තමන්ගේ සැබෑ පවුල බව හඳුනාගත්හ.
ඇයගේ සිනහව තම මව සේම බව ඇගේ සහෝදරයා සඳහන් කරයි.
ඔවුන්ගේ මව අසනීප තත්වයෙන් පෙළෙන බැවින් මව තවම මුණ ගැසී නොමැති අතර නොබෝ දිනකින්ම මව බැලීමට යන බවත්,
“face book වෙබ් අඩවිය” ආධාරයෙන් තම සැබෑ පියාද තමන් සොයා ගන්නා බව ඇය පැවසීය.
බෙට්සිගේ ජෛව සංචාරය”  පිටුව සඳහා මේ වන විට 6000 ක් පමණ කැමැත්ත පළ කර තිබෙන බවත් වාර්තා වනවා.Image

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s