ඉන්දියාවෙන් භාගයක්ම අයිති ධනවතුන් පස් දෙනෙකුට

split-richest-5__300_199
ඉන්දියාවේ බිලියනපතියන්ගේ ධනයෙන් භාගයකටම හිමි කම් කියන්නේ පුද්ගලයින් පස් දෙනෙකි.
මොවුන් පස් දෙනා නම් Reliance Industries සමාගමේ සභාපතිවරයා වන සුප්‍රසිද්ධ ව්‍යාපාරික Mukesh Ambani, වානේ කර්මාන්තයේ දැවැන්තයකු වන Lakshmi Mittal, ඖෂධ නිෂ්පාදනයේ නියුතු Dilip Shanghvi, තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ දැවැන්තයකු වන Azim Premji සහ TATA සමූහයේ කොටස්කරුවකු වන Pallonji Shapoorji Mistryය.
මෙම පස්දෙනා ඇමරිකානු ඩොලර් බිලියන 85.5ක ධනස්කන්දයකට හිමි කම් කියන අතර එම අගය ඉන්දියාවේ බිලියනපතියන්ගේ මුළු ධනයෙන් සියයට 47.5කි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට Mukesh Ambaniට ඇමරිකානු ඩොලර් බිලියන 24.4ක ධනයක් හිමිය.
සන්සන්දනය කර බලන විට ඉන්දියාවේ ධනවත්ම නළුවා වන ශාරුක් ඛාන් ඇමරිකානු ඩොලර් මිලියන 600ක ධනයකට හිමිකම් කියන අතර ඉන්දීය සුපිරි ක්‍රීකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 160කි.
Indian Premier League හි Mumbai Indians කණ්ඩායමේ අයිතිය ද Reliance Industries සමාගමේ සභාපතිවරයා වන Mukesh Ambani සතු වේ.

Leave a comment