අයිස් බකට් වෙනුවට ශ‍‍්‍රී ලංකාවෙන් අමු මිරිස් චැලෙන්ජ්.


a
අන්තර්ජාලය ඔස්සේ ජනප‍‍්‍රිය “අයිස් බකට් අභියෝගය” ට අභියෝගයක් එල්ල කරන්නට ශ‍‍්‍රී ලාංකික තරුණයින් පිරිසක් අලූත් අභියෝගයක් ආරම්භ කර තිබෙනවා.

“අමුමිරිස් අභියෝගය” ලෙස නම් කර ඇති මෙහිදී අභියෝගය වන්නේ අමු මිරිස් කරල් තුනක් සපාකා දැමීමයි.
වකුගඩු රෝගීන් වෙනුවෙන් අරමුදල් එකතු කිරීමක් සිදු කිරීම මෙමගින් ඔවුන් බලාපොරොත්තු වන අතර මෙය සංවිධානය කරන රසික නානායක්කාර මේ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කරයි.
“රජරට වකුගඩු රෝගීන් මේ වෙනකොට 20,000ක් ඉන්නවා.
ඒ අතර ඉන්න අයගෙන් හැමදාම දෙදෙනෙක් මිය යනවා කියලයි කියන්නේ.
මේකට හේතුව වෙන්නේ බැර ලෝහ දීර්ඝ කාලීනව ශරීර ගත වීම කියලයි ඒ ගැන පරීක්ෂණ කරන විශේෂඥයෝ කියන්නේ.
මේ රෝගයට වැඩි හරියක් ගොදුරු උනේ රටට බත සපයපු ගොවියෝ බව අපි කාටවත් රහසක් නෙමේත්‍ව අපි හැමෝම ඒ අය වවපු ගොයමෙන් ගත්තු වී වලින් ජීවිතේ එක දවසක් හරි බත් කාල ඇති.
මේ අපේම රටේ මිනිස්සු වෙනුවෙන් අපිත් අපිට හැකි දෙයක් කරන්න ඕනේ කියන අදහස ගොඩ දෙනෙක්ගේ හිත් තුළ තියෙනවා කියන එක අපි දන්නවා.
‪අයිස් බකට් එක ජනප‍්‍රියව තියෙන මේ වෙලාවේ අපි හිතුවා නාලා නෙමේ කාලා චල්ලන්ගෙ කරන්න අපේම මිනිස්සු වෙනුවෙන්. ‪‪
SL Amu Miris Challenge‬‬ එක අපි කරන්නේ රජරට වකුගඩු රෝගයෙන් පීඩා විඳින අපේම මිනිස්සු වෙනුවෙන් එයාලට සරණක් වෙන්න.
චැලේන්ජ් එක යන විදිය සරළයි. චැලේන්ජ් එක අමු මිරිස් කරල් තුනක් මිනිත්තු දෙකකදී කාලා ඉවර කරන එක ඔබට පුළුවං. ඔබ දන්න හඳුනන 5 දෙනෙක්ට චැලේන්ජ් කරන්න. ඔවුන් චැලේන්ජ් එක භාරගත්තොත් මේ වැඩසටහන සඳහා වෙන අරමුදලට රුපියල් 100/= කින් දායක වෙන්න ඕනේ.
චැලේන්ජ් එක භාර නොගත්තොත් වකුගඩු රෝගී අරමුදලට රුපියල් 1000/=ක් පරිත්‍යාග කරන්න ඕනේ.
මේ ආකාරයට ඔබ දන්න කියන අයට ”අමුමිරිස් චැලේන්ජ්” කරමින් අරමුදල තරකිරීමට ඔබේ දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා.”
16-012 Toxic

Advertisements

One thought on “අයිස් බකට් වෙනුවට ශ‍‍්‍රී ලංකාවෙන් අමු මිරිස් චැලෙන්ජ්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s