2014 වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙලෙදී මැතිව්ස්ට සම්මාන පිට සම්මාන

c1ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ වාර්ෂික ක්‍රිකට් සම්මාන ප‍‍්‍රදානෝත්සවය ඊයේ රාත්‍රී පැවැත්වුණේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදියි.
සම්මාන ප‍‍්‍රදානෝත්සවයේදී සම්මාන 4ක් දිනා ගැනීමට නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.
ඒ අනුව 2014 වසරේ ඩයලොග් ක්‍රිකට් ක්‍රිඩකයාට හිමි සම්මානය ,වසරේ දක්ෂතම එක්දින පිතිකරු සහ තුන් ඉරියව් ක්‍රිඩකයාට හිමි සම්මානය ඇන්ජලෝ මැතිව්ස් විසින් දිනා ගත්තා.
මෙවර සම්මාන උළෙලේදී වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරුවන් ලෙස කුමාර් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිව්ස් සම සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයක්.
වසරේ ජනප්‍රිරය ක්‍රීඩකයාට හිමි සම්මානය පිට පිට තෙවැනි වරටත් මෙවර හිමි වූයේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරටයි.
වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නාට හිමි සම්මානය ලසිත් මාලිංගට හිමි වුණා.
වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා ලෙස සම්මාන දිනා ගත්තේ රංගන හේරත්.
වසරේ නැගී එන කීඩකයා ලෙස යොවුන් කීඩක නිරෝෂන් දික්වැල්ල සම්මාන දිනා ගත්තා.
මේ අතර වසරේ දක්ෂතම එක්දින ක්‍රිරකට් පිතිකාරිනියට හිමි සම්මානය දිනා ගැනීමට වත්මන් නායිකා චමරි අතපත්තු සමත් වුණා.
වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නිය සහ දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධනයි.
මේ අතර ප‍‍්‍රවීණ ක්‍රීඩා විස්තර විචාරක ප්‍රේමසර ඇපෑසිංහ මහතාට සහ,වර්තමානයේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ තරග තීරකවරයෙකු ලෙස කටයුතු කරන රංජන් මඩුලගල්ලේ මහතාටද මෙහිදි විශේෂ සම්මාන පිරිනැමුණා.

c1 c7c11c15c16c9c17c12c5c10c2 c3 c4  c6  c8     c13 c14

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s