සිංහයින් 4 දෙනෙකු සමග සටන් වැද දිවි ගළවා ගත් පුංචි මුගටියා – Lion Vs Mongoose (photos & video)

1

ලෝකයේ භයානක ම මාංශ භක්ෂකයෝ වන රෞද්‍ර සිංහයින් සමග සටන් වැද තමන්ගේ දිවි ගලවා ගත් පුංචි මුගටියෙක් ගැන විදෙස් වාර්තා සඳහන් කරනවා.
බළල් කුලයේ දැවැන්තයන් සිංහයින් වන සිංහයින්ව කැලේ රජා යනුවෙන් හඳුන්වන්නේ ද දඩයමට ඔවුන්ගේ ඇති දක්ෂතාව සහ අනුකම්පා විරහිත ආක්‍රමණයත් හේතුවෙනි.
එවැනි සිංහ ධේනුන් හතර දෙනකු පුංචි හෝතඹුවකුට බියෙන් පලා යනු ඇතැයි ඔබ සිතනවාද.
තමන් දඩයම් කර ගිල දැමීමට පැමිණි මේ බියකරු දැවැන්ත සිංහයන් හතර දෙනාට වඩා බොහෝ සෙයින් කුඩා හෝතඹුවා ආක්‍රමණශීලී ලෙස සිංහයන්ට ගොරවමින් ඔවුන් සපා කෑමට මෙන් ඉදිරියට පනිමින් හැසිරෙන විලාසය විශ්මය ජනකය.
මේ දුලභ දසුන ඡායාරූපයට නගා ඇත්තේ ප්‍රංශ ජාතික ඡායාරූප ශිල්පී ජෙරොම් ගිලෙයිමාට් විසිනි.
කෙන්යාවේ පිහිටි මාසා මාරා ((Masaai Mara) ජාතික වනෝද්‍යානයේ දී ඔහු මේ අපූරු දර්ශනය දැක ඇත. ඔහු එය මෙසේ විස්තර කරයි.

‘‘ තමන් ගොදුරු කර ගැනීමට පැමිණි මේ හෝතඹුවා සිංහයන් වෙත ගොරවමින් කඩා පනිමින් ඔවුන්ගේ මුහුණට පවා තුවාල සිදුකළා. සිංහයන් හෝතඹුවා අල්ලා ගැනීමට උත්සාහ ගන්නා සෑම අවස්ථාවක දී ම හෝතඹුවා මර බයේ වුවත් සිංහයන් ට තර්ජනය කරමින් ටිකෙන් ටික පසු බැස දිවගොස් ගුලක හැංගෙනවා මා දුටුවා. පසුව නැවතත් එතැන් සිට සටන ආරම්භ කරන හෝතඹුවාගේ කඩා පැනීමත් සමග කලබලයට පත්වූ සිංහයන් තමන් කරන්නේ කුමක් දැයි නොදන්නා ආකාරයෙන් හැසිරෙන්නට වුණා. මුගටියා ආරක්ෂිතව ගුලේ සැඟවී ගියා. සිංහ ධේනුවන්ට සිදුවුණේ තමන්ගේ තුවාල වූ නාසා හා කට දෙපස ලෙවකමින් පසු බැස යාමටයි.“
ජෙරොම් පවසන්නේ තමන් දැන් මෙය මාධ්‍යයට නිකුත් කළ ද එය සිදුවූයේ 2011 වර්ෂයේ දී බවයි.

එහි වීඩියෝව බලන මෙතනින්,

play


1 2 3 4 5

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s