දරුවන්ව පොළොවේ ගසා මරණ යුගයක ඇමෙරිකාවේ යාචකයකුගෙන් අති විශිෂ්ඨ වැඩක්

child1 

කැලිෆෝනියාවෙ ජීවත්වෙන “සර්ජියෝ සෙපාඩා” නම් 6 හැවිරිදි දරුවෙක් පසුගිය සෙනසුරාද දෙමාපියන්ගෙන් මග හැරී, ඇඳුමක්වත් නැතුව ගෙදරින් සැතපුම් 4ක් පමණ දුරක් ගමන් කරල සීතල බඩගින්න ඉවසගන්න බැරිම තැන නැවතිලා තියෙන්නෙ යාචකයෙක්ගෙ කූඩාරමක් ළඟ.
child2

කූඩාරම ඇතුළෙ නිදියගෙන හිටි “ජොස් සැල්මරෝන්” කියන යාචකයට උදේ 4ට විතර තමන්ගෙ කූඩාරමට පිටින් කුඩා දරුවකුගෙ කෙඳිරිලි හඩක් ඇසී එළියට ඇවිත් බලද්දි නිරුවත් කුඩා දරුවෙක් අධික සීතලෙන් සහ කුසගින්නේ විඩාපත් වෙලා තමන්ගෙ කූඩාරම අයිනෙ ගුලි වෙලා ඉන්නව දක්නට ලැබෙනවා.
ඔහු වහාම මේ කුඩා අසරණ දරුවාව කූඩාරම ඇතුළට අරගෙන, තමන්ගෙ බ්ලැන්කට්ටුව පොරවල, කෑමත් දීල බොහොම පරෙස්සමෙන් තියාගෙන ඉඳල තියෙනවා.
කුඩා සර්ජියෝව නිදිකරලා පාන්දර ඇහැරුණ සැල්මරෝන්ට කූඩාරමට පිටතින් නැවතත් කලබලකාරී සද්දයක් ඇහෙනව. බැලින්නම් ඒ පොලිසියෙන්. ඔවුන් පැමිණ තිබෙන්නේ මේ කුඩා දරුවව සොයාගෙන . සැල්මරෝන් පොලිසියෙ අයව තම කූඩාරම ඇතුළට කැඳවලා නිදා සිටින කුඩා සර්ජියෝව පෙන්වල තියෙනවා.
එතකොට මේ දරුව අතුරුදන් වෙලා පැය 17ක් පමණ ගතවෙලා.
child4

ඉන්පසු පොලිසියෙන් මේ කුඩා දරුවාව රෝහලකට ඇතුළත් කර ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ විමසීමක් කර තිබෙනවා.
දරුවා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවෙන බව රෝහලෙන් පොලිසීයට දන්වා තිබෙනවා. දැන් දරුවා දෙමාපියන් සමග හොඳින් ඉන්නවා කියලයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සැල්මරෝන් කරපු මේ විශිෂ්ඨ ක්‍රියාව නිසා කැලිෆෝනියා පොලීසිය විසින් ඔහුව Good Samaritan award කියන සම්මානය සඳහාත් යෝජනා කරල තියෙනවා කියලත් වාර්තා වෙනවා.

 child3 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s