පැහැරගත් දැරිය පිළිබඳ තවමත් තොරතුරක් නැහැ

2

තම දියණියට අනතුරක් නොකරන්නැයි වැල්ලව – නිකදළුපොත – පන්නව- අඹකොළවැව – ගම්මානයේදී පැහැර ගැනිමට ලක් වූ දැරියගේ මාපියන් ඉල්ලා සිටිනවා.

එහි ගිය අප වාර්තාකරු හමුවේ එම මාපියන් ප‍්‍රකාශකර ඇත්තේ තම දරුවාට අනතුරක් නොකරන්නැයි මීට සම්බන්ධ අයගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර වයස අවුරුදු 04 හමාරක වන මෙම දැරිය පැහැරගැනීම සම්බන්ධයෙන් වන පොලිස් පරික්‍ෂණ තවදුරටත් පුළුල් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ තවමත් මේ සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැති බවයි.

දැරිය නිදාගෙන සිටින නිවස ආවරණය කර තිබු ඉටි කොළ කපා දමා මෙම පැහැර ගැනිම සිදු කර ඇති බවයි මුලික පරික්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මේ අතර දැරියගේ නිවසේ ශාන්ති කර්මයක් සඳහා පැමිණි බව කියන මහනුවර ප‍්‍රදේශයේ කපුවෙකුගෙන් ද පොලීසිය ඊයේ මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.

දැරිය නිදාගෙන සිටින නිවස ආවරණය කර තිබු ඉටි කොළ කපා දමා මෙම පැහැර ගැනිම සිදු කර ඇති බවයි මුලික පරික්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අදාල ඉටි කොළය අඩි 2 හමාරක් උසට සහ අඩි එක හමාරක් පමණ පළලට කපා දමා තිබූ බව සඳහන්.

මෙම සාහසික ක‍්‍රියාවට සම්බන්ධ වූවන් ඒ සඳහා භාවිතා කළේ යැයි සැක කෙරෙන කුඩා කතුරක් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම දැරියගේ නිවසේ තිබූ තුවායක කුඩා කැබල්ලක් ද නිවසේ සිට මීටර් 100 ක් පමණ දුරින් තිබි සොයාගෙන ඇතැ යි සඳහන්.

මේවා පොලිස් සුනඛයන් ලවා ඉව කරවා සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු සෙවිමට පොලිසිය ක‍්‍රියා කර ඇතැත් ඉන් සාර්ථක ප‍්‍රථිපල අත්වි නැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර දැරිය පදිංචිව සිටි නිවසට මීටර් 800 ක් පමණ දුරින් පිහිටි නිවසක පදිංචිව සිටි කාන්තාවක් ප‍්‍රකාශ කර ඇත්තේ අළුයම එකට පමණ තමන්ට වාහන ශබ්දයක් සහ කුඩා දරුවෙකු හඩන අන්දම ඇසුනු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් ඇතුළු පොලීස් කණ්ඩායම් විශාල ප‍්‍රමාණයක් මගින් තවදුරටත් පරික්‍ෂණ ක‍්‍රියාත්මකයි.
13

Kurunegala-4-year-old-girl-kidnapped

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s