කුරුණෑගල කේශානී දැරියව සොයා ගත් සම්පූර්ණ කතාව.

child-kurunegala

කේශානී දැරිය වෛද්‍ය පරීක්‍ෂණයකට.

කුරුණෑගල – වැල්ලව ප‍්‍රදේශයේදී පැහැරගැනීමකට ලක්ව අද සොයාගත් කේශානි බණ්ඩාර දැරිය මේවන විට වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කුරුණෑගල රෝහලට ඇතුලත්කර තිබෙනවා.

එ් ඇය ලිංගික අතවරයකට ලක්ව ඇත්දැයි සොයාබැලීම සඳහායි.

නෙරියාව ප‍්‍රදේශයේ නිවසක රඳවාගෙන සිටියදී දැරිය සොයාගත්තා.

එම නිවසේ සොහොයුරන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලකින් පසු තම නිවසේ දැරියක් රඳවාගෙන සිටින්නේ යැයි එක් සහෝදරයෙකු විසින් ප‍්‍රදේශවාසින්ට පවසා ඇතැයි සඳහන්.

එ් අනුව ප‍්‍රදේශවාසීන් කළ දැනුම්දීමක් මත එහි පැමිණි පොලිසිය දැරිය සොයාගෙන තිබෙනවා.

මේවන විටත් 32 හැවිරිදි ප‍්‍රධාන සැකකරු ප‍්‍රදේශයෙන් පලාගොස් ඇතැයි සඳහන්.

දැරිය නිවසේ රඳවා ගැනීමේ චෝදනා මත සැකකරුවන්ගේ 60 හැවිරිදි මව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ.

කුරුණෑගල දැරිය මහ මගදී හමුවෙයි.
2

කුරුණෑගල – වැල්ලව ප‍්‍රදේශයේදී පැහැරගැනීමකට ලක්වූ බව කියන සිව් හැවිරිදි දැරිය සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ නෙරියාව ප‍්‍රදේශයේ වෙළඳසලක් අසල දමාගොස් සිටියදී දැරිය සොයාගත් බවයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ වැල්ලව පොලිසියට ලද තොරතුරක් මත දැරිය සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඇය පැහැරගැනීමට ලක්වූ දැරියමදැයි සැකහැර දැනගැනීම සඳහා දැරිය මව්පියන් හමුවට ගෙනයමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ.

පසුගිය 09 වනදා අළුයම් කාලයේදී කේශානී බණ්ඩාර නැමැති මෙම සිව් හැවිරිදි දැරිය පැහැරගැනීමට ලක්වූ බව පැවසුවේ සිය මව්පියන් හා සහෝදරයා සමග නිදා සිටියදීයි.

නිවස ආවරණය කර තිබූ ඉටිරෙදි කපා දැරිය පැහැරගෙන ගොස් තිබුණා.

මේ සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ පොලිස් ස්ථානවල පොලිස් කණ්ඩායම් රැුසක් සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද පරීක්‍ෂණ ආරම්භ කළා.

දැරිය පිළිබඳ තොරතුරක් නොවූයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් දස ලක්‍ෂයක ත්‍යාගයක් පිරිනමන බවයි පොලිසිය ඊයේ නිවේදනය කළේ.

දියණියට අනතුරක් කරන්න එපා – පැහැරගත් දැරියගේ මාපියන්ගෙන් ඉල්ලීමක්.

2තම දියණියට අනතුරක් නොකරන්නැයි වැල්ලව – නිකදළුපොත – පන්නව- අඹකොළවැව – ගම්මානයේදී පැහැර ගැනිමට ලක් වූ දැරියගේ මාපියන් ඉල්ලා සිටිනවා.

එහි ගිය අප වාර්තාකරු හමුවේ එම මාපියන් ප‍්‍රකාශකර ඇත්තේ තම දරුවාට අනතුරක් නොකරන්නැයි මීට සම්බන්ධ අයගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර වයස අවුරුදු 04 හමාරක වන මෙම දැරිය පැහැරගැනීම සම්බන්ධයෙන් වන පොලිස් පරික්‍ෂණ තවදුරටත් පුළුල් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ තවමත් මේ සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැති බවයි.

අදාල දැරිය ඊයේ අළුයම් කාලයේදී පැහැරගෙන ගොස් තිබුණා.

දැරිය නිදාගෙන සිටින නිවස ආවරණය කර තිබු ඉටි කොළ කපා දමා මෙම පැහැර ගැනිම සිදු කර ඇති බවයි මුලික පරික්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මේ අතර දැරියගේ නිවසේ ශාන්ති කර්මයක් සඳහා පැමිණි බව කියන මහනුවර ප‍්‍රදේශයේ කපුවෙකුගෙන් ද පොලීසිය ඊයේ මේ සම්බනධයෙන් ප‍්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් ඇතුළු පොලීස් කණ්ඩායම් විශාල ප‍්‍රමාණයක් මගින් තවදුරටත් පරික්‍ෂණ ක‍්‍රියාත්මකයි
.1
3

Kurunegala-4-year-old-girl-kidnapped

13

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s