මුරලි පන්දුව දමා ගසන බවට චෝදනා කළ විනිසුරු ඇත්ත හෙළි කරයි

murali-chakශ‍්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට තමන් පළමුවරට චෝදනා කළේ වෙනත් පාර්ශ්වයක බලපෑම මත බව ඕස්ටේ‍්‍රලියානු විනිසුරු රෝස් එමර්සන් ඩේලි ටෙලිග‍්‍රාෆ්ට් පුවත්පතට ප‍්‍රකාශයක් කරමින් ප‍්‍රකාශ කර තිබෙනවා.  

එබැවින් අදාල තීරණය සම්පූර්ණයෙන්ම තමන්ගේ මතයක් නොවන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ.

1996 වසරේ බි‍්‍රස්බේන් හී බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති තරගයක දී මුරලි යැවු පන්දුවක් නිපන්දුවක් ලෙස සංඥා කරමින් ඔහු පන්දුව දමා ගසන බවට එමර්සන් පළමුවරට චෝදනා කළා.  

ඔහු එළෙස චෝදනා කලේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ඔහුගේ පළමුවන ජාත්‍යන්තර තරගයේ දී වීම ද විශේෂත්වයක් වනවා.  

පසුව ඕස්ටේ‍්‍රලියානු විනිසුරු ඩැරල් හෙයාර් ද මුරලිට මෙවැනිම චෝදනාවක් එල්ල කළා.murali-chak2

කෙසේවෙතත් අදාල චෝදනාවලින් මුරලි නිදහස් වු අතර මේ වන විට ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ විශේෂඥ පුහුණුකරුවා වන්නේ ද මුරලි වීම විශේෂත්වයක්.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s