ග්‍රීසියේ කැරලිකාර වීරයා මිය යයි.

10689846_10204125181962930_7502795049168139091_n

ග්‍රීසියේ ඇති වූ ආර්ථික අර්බුදයට එරෙහිව එරට ජනතාව කළ විරෝධතාවන්හි සටන් සගයෙකු වූ ලොවුකානිකොස් නැමැති සුනඛයා මිය ගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කර සිටී.

මාස ගණනක් පුරා ග්‍රිසියේ පැවැති මෙම උද්ඝෝෂණවලදී එහි පෙරමුණේ සටන් සගයකු වූයේ ලොවුකානිකොස්ය. මේ සුනඛයා විරෝධාකරුවන්ගේ පාර්ශවයේ සිට ඔවුන් පහරදීමට පැමිණෙන පොලිස් නිලධාරීන්ට බුරා පනිමින් ද කදුළු ගෑස් එල්ල කිරීමේදී ඒවා විරෝධතා කරුවන්ගෙන් ඉවත් කරමින්ද විරෝධතාවන්ට නොබද සහයක් ලබාදුන්නේය.

මේ හේතුවෙන් මෙම සුනඛයා ලෝ ප්‍රකට විය.ටයිම්ස් සගරාව විසින් 2011 වසරේ චරිත අතරට මෙම සුනඛයා එක් කර තිබුණි. වරින් වර පවත්වන උද්ඝෝෂණවල කදුළු ගෑස් ප්‍රහාරයන්ට නොබියව මුහුණ දී ජනතාවට සහයෝගය දැක්වීම හේතුවෙන් ග්‍රීසියේ ජනතාව තුළ නොබද ආදරයට මෙම සුනඛයා පත්විය.

කෙසේ නමුත් මෙම සුනඛයාගේ මරණයෙන් පසුව ඒ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ සිදුකළ පශු වෛද්‍යවරු සදහන් කොට සිටියේ අධික ලෙස කදුළුගෑස් ප්‍රහාරයන්ට ලක්වීම හේතුවෙන් වූ ශාරිරික දුර්වලතා හේතුවෙන් ඌ මිය ගිය බවයි.
මිය ගිය ලොවුකානිකොස් නගරයේ මධ්‍ය යේ ඇති වෘක්ෂයක් අසල භුමදානය කිරීමට ලොවුකානිකොස්ට ආදරය කළ පිරිස් කටයුතු කරනු ලැබීය.

ජනතාවට පීඩාවන් දෙන පාලකයන්ට එරෙහිව සටන් වැදීම වෙනුවට දැන හෝ නොදැන ගුලිවී සීතලවන මිනිසුන්ට ලොවුකානිකොස් කදිම පණිවුඩයක් ලබාදෙන්නේය. එනම් ,සටන් කොට මිය යාම බල්ලෙකු ලෙස මිය යනවාට වඩා වීරයෙකු ලෙස මියයාමක්ය, යන්නය.

1620538_10204125186443042_1183056972503182264_n 1912164_10204125245364515_2109902252537372345_n 10456242_10204125186283038_7780032742148248768_n (1) 10458777_10204125187723074_4630429280582226285_n 10561739_10204125245324514_9088456394317112142_n 10672036_10204125187043057_2070780164878934334_n 10672224_10204125186403041_2170942007550640742_n

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s