සම්බුදු තෙමඟු‍ල සිදු වූ අසිරිමත් වෙසක් පොහොය නිමිත්තෙනි.!

10521883_891872607537569_1668412326189989330_n

වෙසක් පොහොය ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දිනයයි. සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන අසිරිමත් තෙමගුල සිදුවීම, බුද්ධත්වයෙන් පසු කිඹුල්වත්පුරයට වැඩමවීම හා යමාමහ පෙළහරපෑම , බුදුරදුන් තෙවැනි වරටත් ලක්දිවට වැඩමවීම ,සමනොළ සිරිපා සටහන පිහිටුවීම, විජය කුමරු ලංකාවට ගොඩබැසීම, ධර්මාශෝක අධිරාජයා ගේ ඇරැුයුමෙන් දෙවනපෑතිස් රජු දෙවැනි වරටත් රාජ්‍ය අභිෂේකය ලැබීම, දුටුගැමුණු රජු රුවන්වැලි මහාසෑයේ වැඩ ඇරැුඹීම යන කරුණු වෙසක් පොහොය හා සම්බන්ධව සිහිපත් කෙරෙන ඓතිහාසික සිදුවීම්ය.

මෙසේ බුද්ධ චරිතය ශාසන ඉතිහාසය සේම ලංකා ඉතිහාසය පිළිබඳ විමසීමේදි ඉතා ශේෂ්ඨ ආගමික වටිනාකමක් වෙසක් පොහොයට හිමි වෙයි.

බෝසත් උපත.

දීපංකර බුදුරජාණන් වහන්සේ වෙතින් නියත විවරණ ලැබූ තැන් පටන් අප සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ දස පාරමිතා පුරමින්, වෙස්සන්තර ආත්ම භාවයේ දී දෙව්ලොව උපන්හ. වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු උන්වහන්සේ තුසිත දෙව්ලොව සන්තුසිත නම් දෙව්රජව උපන්හ. එහි සිටි සියලූ‍ දිව්‍ය බ‍්‍රහ්මයෝ එකතුව බුදුවීම සඳහා මිනිස් ලොව පහළ වන මෙන් මෙසේ ආරාධනා කළහ.

කාලො යං තෙ මහාවීර
උප්පජ්ජ මාතු කුච්ýයං
සදේවකං තාරයන්තො
බුජ්ඣස්සු අමතං පදං

මහාවීරයන් වහන්ස, මිනිස් ලොව මව්කුස ඉපිද මිනිසුන් හා දෙවියන් සසර දුකින් එතෙර කරනු සඳහා නිවන අවබෝධ කරගැනීමට මේ සුදුසුම කාලයයි. ඉක්බිති බෝසතාණන් වහන්සේ ඉපදීමට සුදුසු වූ දීපය වූ දඹදිව ද දේශය වූ මධ්‍ය දේශයද කාලය වූ දීර්ඝ ආයුෂත් නොවන අල්ප ආයුෂත් නොවන මධ්‍යම ආයු කාලය ද කුලය වු ක්ෂත‍්‍රිය කුලය ද මව ගේ ආයුෂ කාලය ද යන පස්මහ බැලූ‍ම් බැලූහ. පසුව කපිලවස්තු ශාක්‍ය පරම්පරාවෙහි සුද්ධෝදන මහරජු ගේ හා දෙව්දහ නුවර ශාක්‍ය පරම්පරාවෙහි මහාමායා දේවියගේ පුත්ව ලූ‍ම්බිණි සාල වනෝද්‍යානයේදී උපන්හ. බුද්ධත්වය ළදරුවිය ඉක්මවා සොළොස් වැනි වියට පත් සිද්ධාර්ථ කුමරු යසෝධරා දේවිය සරණ පාවාගෙන තුන් ඍතුවට යෝග්‍ය වූ රම්‍ය ,සුරම්‍ය, සුබ නමැති මාළිගා තුනක වාසය කළේය. සියලූ‍ පස්කම් සුව එහි පැවතියද කල්යත්ම සිදුහත් කුමරුට සසර දුක වැටහෙන්නට විය. විසිනව වැනි වියේදී පස්කම්සුව කෙරෙහි කලකිරීමට ඉවහල් වූ කරුණු නෙත ගැටුණි. වයසට යාම ලෙඩ රෝග ඇතිවීම හා මරණය සියල්ලන්ට ම සාධාරණ බව ගැඹුරින් මෙනෙහි කරමින් සිටි සිදුහත් කුමරු මුල්වරට එහි සත්‍යතාව සියැසින්ම දැකීම ගිහි සැපතින් ඉවත්වීම කෙරෙහි තදින්ම බලපෑවේය. ඉක්බිතිව මහාභිනිෂ්ක‍්‍රමණය කොට පළමුව ආචාර්යවරුන් සොයාගොස් ඉන් අපේක්ෂිත ඉලක්කය සපුරා ගැන්මට නොහැකි වූ තැන දුෂ්කර ක‍්‍රියා සිදු කෙළේය. එයිනුදු ප‍්‍රයෝජනයක් නොලදින් මැදුම් පිළිවෙතට බැස දිගින් දිගටම භාවනාවෙහි යෙදුනේය.

එම වර්ෂයෙහි වෙසක්පුර පසළොස්වක පොහොය දිනය ළඟා විය. බෝසතාණන් වහන්සේ වෙසක් මස පුර තුදුස්වක් දා ? නින්දෙහි දී සිහින පහක් දුටුවහ. පසුදා එනම් වෙසක් පොහෝදා උදෑසන උන්වහන්සේ අජපල් නුගරුක මුල වැඩ හුන්හ. සේනානි නියම්ගම් වැසි අජපල් නුගරුක මුල වැඩ හුන්හ. සේනානි නියම්ගම් වැසි සුජාතා සිටු දේවිය සිරිත් වශයෙන් නුග රුක අධිගෘහිත දෙවියන්ට පුදන දියනුමුසු කිරිබත රැුගෙන අජපල් නුග රුක වෙතට පැමිණියාය. බෝසතාණන් දැක රුක් දෙවියන් අද බිමට බැස ඇතැයි බලවත් සතුටට පත්ව කිරිබත පිලිගැන්වූවාය. බෝසතාණන් වහන්සේ නේරංජනා ගංතෙරට වැඩමවා කිරිපිඩු ආහාර වැළªහ. දහවල් කාලයේ සමාපත්ති උපදවමින් කල් යැවු උන්වහන්සේ සවස් භාගයෙහි බෝමැඩ කරා ගමන් ගත්හ. ඒ යන අතරමගදී සොත්ථිය නම් බමුණා දුන් කුස තණ අටමිට රැුගෙන ඇසතු බෝ ගස මුල එය අතුරා අසුනක් පණවා වැඩ සිටියහ. එහිදීිමේ මාගේ ශරීරයේ ඇට , සම් , නහර ගැලවී විසිර ගියත්, මස් ලේ වියළී ගියත්, සම්‍යක් සම්බෝධියට නොපැමිණ මේ ආසනයෙන් නැගී නොසිටිමි”යි, අධිෂ්ඨාන කරගෙන බෝධියට පිට දී පෙරදිග බලා වැඩ හුන්හ. එහි පැමිණි පිරිවර සහිත මාරයා පරාජය කොට කෙලෙස් මරුන්ද පරදවා චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් බුදු වූ සේක. ඉන් ලැබුණු සොම්නස බුදුරජාණන් වහන්සේ මෙම පී‍‍්‍රති වාක්‍යයෙන් ප‍්‍රකාශ කළ සේක.

අනේකජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තො
දුක්ඛාජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි
පුන ගෙහං න කාහසී
සම්බා තෙ ඵාසුකා භග්ගා
ගහකූටං විසංඛිතං
විසංඛාර ගතං චිත්තං
තණ්හානං ඛය මජ්ඣගා

පඤ්චස්කන්ධය නමැති ගෙය සාදන වඩුවා සොයමින් මෙතෙක් කල් සසර සැරිසැරුවෙමි. යළි ඉපදීම දුකකි. තණ්හා නැමති වඩුවා, මවිසින් තා දක්නා ලද්දෙහි නැවත තා මට ආත්මභාවය නමැති ගෙය නො සාදන්නෙහි ය. කෙලෙස් පරාළ බිඳ දමන ලදී. අවිද්‍යා කැණිමඬල සිඳ දමන ලදී. මාගේ සිත නිවනට පැමිණියේය. තණ්හාව නැති වී ගියේ.

පරිනිර්වාණය.

බුද්ධත්වයේ පටන් පන්සාළිස් වසක් මුළුල්ලේ ලෝක සත්ත්වයින් සසර දුකින් මිදවීම සඳහා වූ සම්බුදු කිස නිම වු බුදුරජාණන් වහන්සේ වෙසක් පුර පොහෝදා රාත‍්‍රියේ අලූ‍යම උදාවීමට පෙර සියලූ‍ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය තම ජීවිතයෙන්ම ලොවට පසක් කරමින් නිරුපධිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. ඒ වන විට උන් වහන්සේ අසූවිය සපුරා සිටියහ.

පරිනිර්වාණයට පෙර අවසාන වශයෙන් භික්ෂූන් වහන්සේලා අමතා හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වො වය ධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදේථ

යනුවෙන් ”මහණෙනි කරුණාවෙන් ඔබ අමතමි. සියලූ‍ සංස්කාර ධර්මයන් නැසෙන සුළුය. එබැවින් නොපමාව සසුන්කිස සම්පූර්ණ කරත්වායි. අන්තිම අවවාදය දී වදාළහ.

පිරිනිවි බුදුසිරුර මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ සුවඳ දර පිරවු සෑයක තැන්පත් කොට ආදාහන පූජාව සිදු කළේය.

මෙකී අසිරිමත් සම්බුදු තෙමඟු‍ල බුද්ධාලම්භන පී‍‍්‍රතියෙන් සමරන මෙවන් සමයෙක ආමිෂ හා ප‍්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී මෙලොව පරලොව යහපත සලසා ගැනීම කෙරෙහි සැවොම උත්සාහවත් විය යුත්තාහුය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s