මිහිපිට ඇති ඉහලම ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු මොටර් රථය ප‍්‍රංශයෙන්..!

new-1

මොටර් රථයක් තෝරා ගැනීමේදී ඉන්ධන කාර්යක්ෂමතාවයට වැඩි දෙනෙක් මුල්තැන දුන්නද, එවැනි ඉහල ඉන්ධන කාර්යක්ෂම තාවයක් ඇති මෝටර් රථයන් වෙලදපොල වෙත හදුන්වා දීමට තවමත් කිසිදු මෝටර්රථ නිෂ්පාදන ආයතනයකට හැකිවී නොමැත.
නමුත් ප‍්‍රංශයේ පාසලේ ශිෂ්‍යයින් පිරිසකට එවැනි සුපිරි මොටර් රථයක් නිෂ්පාදනය කිරිමට හැකියාවක් ලැබී ඇත.එම නිර්මාණය කිලෝග්‍රෑම් 35ක් පමණ බරකින් යුක්ත වන අතර එය මිහිපිට ඇති ඉහලම ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු මොටර්රථය ලෙස හැදින්වීමට හැක.එය නිර්මාණය කර තිබෙන්නේ ෂෙල් යුරෝපේන් ඉකෝ-මැරතන් (Shell European Eco-Marathon) තරඟාවලිය සදහා තරඟ කිරීමේ අරමුණෙනි.ලොව ඉහලම ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඇති මොටර් රථය තේරීමේ අරමුණින් එම තරඟාවලිය පවත්වනු ලබයි. එහිදී සහභාගී වූ තරඟකරුවන් 200ක් පමණ පරාජය කරමින් මෙම මොටර් රථය පලමු තැනට පත්වී තිබේ. සියලු දෙනාම මවිතයට පත් කරමින් එම මොටර් රථය එක් ඉන්ධන ලීටරයකින් සැතප්ම 2072 ක් පමණ ධාවනය කර තිබීම විශේෂ කාරණයකි.

new-2

මෙමගින් ලෝකය වටා සංචාරය කිරීම සදහා වැය වෙන්නේ ඩොලර් 26 ක් පමණක් බවද වාර්ථා වේ. තවද, එහි ඇත්තේ සාමාන්‍ය ඉන්ධනයන්ගෙන් ක‍්‍රියාත්මක වෙන දහන එන්ජිමක් බව එම කණ්ඩායමේ එක් සිසුවෙක් ප‍්‍රකාශ කර සිටියි. සම්පූර්ණයෙන්ම කාබන් ෆයිබර් වලින් නිර්මාණය කරපු එම මෝටර් රථයේ බර කිලෝග්‍රෑම් 35ක් පමණ වෙන බවද ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියි.

රෝලින්ග්, එයාර් ,ඩ්‍රැග් ( rolling, air, drag )වලට ඉතාමත් අඩු ප‍්‍රතිරෝධයක් දැක්වීම හේතුවෙන් එයට අඩු ඉන්ධන ප‍්‍රමාණයකින් මෙතරම් දුරක් ගමන් කිරීම සදහා හැකියාව ලැබී ඇත.එහි රෝදයක් කරකැවීමේදී නැවතීමකින් තොරව සැතපුම් ගණනක් වුවත් එය කරකැවීමෙන් පවතින බව උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දෙයි.

තවද එය නිර්මාණය කර ඇත්තේ වාතයට අඩු ප‍්‍රතිරෝධයක් දක්වන ලෙස එහි ඉදිරි පස නාසයක හැඩයක් ඇතිව උල් ස්වභාවයකිනි. එමෙන්ම රියදුරාගේ අවම බර කිලෝග‍්‍රෑම් 50ක් පමන තිබිය යුතු වන අතර එහි ඉන්ධන වශයෙන් පෙට්‍රෝල් හෝ එතනෝල් භාවිතා කිරීමට හැකියාවක් ඇත.
මෙවැනි ඉතාමත් ඉහල ඉන්ධන කාර්යක්ෂම තාවයක් ඇති මෝටර්රථ ඉදිරියේදී වෙලදපොළ වෙත පැමිණෙන බව නොඅනුමානයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s