අම්මා ටෙඩීව කරගත් පෝනි පැටියෙක්

Image

පහුගිය දවසක ඉතාමත් අනුවේදනීය සිද්ධියක් ගැන බ‍්‍රිතාන්‍යයෙන් වාර්තා වුනා.

මව් සෙනෙහස අහිමි වු සතියක් වයසැති පෝනි පැටවකු අඩි 4 ක් උසැති ටෙඩි බෙයාර් කෙනෙක්ගෙන් තම අම්මගෙ උණුසුම ලබා ගන්නට උත්සාහ දරන අනුවේදනීය පුවතක් මේ කතා වස්තුවට පාදක වුණා.
Imageපෝනි පැටියා දැනට ඇති අධිකරණ ගොවිපළේ තනි නොතනියට මුල්ලක ලබා ඇති ටෙඞ් බෙයාර්ගේ උකුල මත සැප සේ නිදන බවයි ඡායාරූප මගින් අන්තර්ජාලය ඔස්සේ අපට වාර්තා වුණේ.
ඩෙවෝන් ප‍්‍රදේශයේ ධාට්මුර් අභයභූමියෙන් පෝනි පැටවා සොයා ගන්නා විට ඌ ඉපදී පැය කිහිපයක් ගතවූ බවත්, අභය භූමී නිලධාරීන් පැටියාගේ මව සෑම තැනම සෙවුමුත් පළක් නොවූ බවත් වැඩි දුරටත් වාර්තා වුණා.

Image

අවසාන වශයෙන් අපට සිතා ගත හැකි කරුණ නම්, මේ ලෝකේ  වටිනාම දේ අම්මගේ ආදරෙයි.ඊට සමකිරීමට හෝ සමකළ හැකි කිසිවක් නොමැති බවයි..!!!

Leave a comment